විදේශගතව අපරාධ මෙහෙයවන 93 ක් ඉන්ටර්පෝල් සහයෙන් ලංකාවට – මහජන ආරක්‍ෂක ඇමැති

ඉන්ටර්පෝල් පොලිසියේ සහායෙන් ශ්‍රී ලංකාවට ඕනෑ කරන අපරාධකරුවන් 93 ක පමණ පිරිසක් මෙරටට ගෙනඒමට ක්‍රියා කරන බව නව මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. මෙම අපරාධකරුවන් විදේශ රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් ත‍්‍රස්ත ක්‍රියා මෙහෙයවන බව හෙළි වී ඇතැයි ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන 93 ක පිරිස දුටු තැන අල්ලන්න වරෙන්තු ප්‍රකාශයට පත් කර ඇතැයිද වීරසේකර මහතා පැවසීය. මේ අතර අපරාධකරුවකු වූ ධර්මසිරි පෙරේරා නමැත්තා අබුඩාබියේදී ඉන්ටර්පෝල් ශාඛාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පියා ඝාතනය කිරීම සඳහා අවශ්‍ය කරන අයෙකි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *