මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ්

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබු බවට අනාවරණය වී තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවය.

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය.

එහිදී තවත් රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ අතර තුවාල ලබූ රැදවියන්ගෙන් 38 දෙනෙකුද මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති බව මීට පෙර හඳුනා ගැනුණි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *