අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තැබීමකින් මිය යෑමේ සිද්ධිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තැබීමකින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

ශ්‍රී ලංකාවේ පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට එම පැමිණිල්ලෙන් දක්වා තිබේ. මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් 8 ක් ඇතුළු පොලිස් නිලධාරීන් 18 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි ලැබී තිබේ.

ඔවුන් අතර රහස් පොලිසියේ සේවය කළ නිලධාරීහු දෙදෙනෙක්ද සිටිති.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කෙටුම්පත් කළ පිටු 100 ක වාර්තාවකින් ඉහත කී පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *