සුරූපී ජාත්‍යන්තර පාසල් ගුරුවරිය ගේ අස්සේ බූරු ගස්සලා 8දෙනෙක් අත්අඩංගුවට – බයිට් හදලා අමතර ගාණකුත් හොයලා

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ සුරූපී කාන්තාවක බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ සිය නිවසේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බූරුපොළක් 14 වැනිදා රාත‍්‍රියේ වටලා එම කාන්තාව ඇතුළු පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පැවසීය.

වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාරිය හා සැකකරුවන් සන්තකයේ තිබූ ‘බූරු කුට්ටම’ සහ මුදලින් රුපියල් පහළොස් දහස් දෙසීයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට ආගන්තුක පුද්ගලයන් නිතර නිතර පැමිණෙන බවත් රාත‍්‍රියේ සිට අලූයම් කාලය වන තෙක්ම ඔවුන් රැඳී සිටින බවත් කියමින් විශාල වශයෙන් පැමිණෙන මෙම ආගන්තුක පුද්ගලයන් කුමකට පැමිණෙන්නේ දැයි සැක සිතුණු ප්‍රදේශවාසීන් විසින් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී. විජේරත්න මහතාට ලබාදුන් රහසිගත තොරතුරක් අනුව එම නිවස වටලා මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

නිවසේ ආලින්දයේ බිම වාඩිවී මෙම පිරිස මුදලට ‘බූරු’ පිටියේ සෙල්ලම් කරමින් සිටියදී මෙම සූදු පොළ මෙහෙය වූ සුරූපී කාන්තාව ද ඔවුන් අතර රැඳී සිටි බව පොලිසිය පැවසීය.

බූරු ගැසීම’ සඳහා පැමිණෙන පුද්ගලයන් මත්පැන් රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ට මුදලට කටගැස්ම සකසා දෙන්නේ ද මෙම කාන්තාව බවත් එමඟින් ඇය අමතර ආදායමක් ද හිමිකර ගන්නා බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සුරූපී ගුරුවරියගේ සැමියා ද මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ අමතර පංති මෙහෙයවන ගුරුවරයකු බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය. ගුරුවරිය සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් මහරගම, බොරලැස්ගමුව, පිලියන්දල, පැපිලියාන යන ප්‍රදේශවල සහ ඇඹිල්ලවත්ත ග්‍රාමයේ අවට පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී. විජේරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රියන්ත, මධුශංක, කුලතුංග යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන්වරුන් වන (33331) ඉන්දික, (60024) සම්පත්, (40010) වනසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (68831) අමරසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් (10794) හර්ෂණ යන නිලධාරීන් විසින් පරීක්‍ෂණ පවත්වනු ලබයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *