කප්පම් නොදුන්නැයි අමානුෂික ලෙස පහර දුන් තරුණයාට බරපතළයි පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප කප්පම් මන්ත්‍රි අල්ලයි

ගිරිඋල්ල නගරයේ සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණයකුගෙන් කප්පම් ඉල්ලා නොදීම නිසා මැර පිරිසක් සමග එක්ව එම තරුණයාට අමානුෂික ලෙස පහර දී දේපළවලට හානි කළ පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී තුෂාර සම්පත් නමැත්තා ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු මන්ත්‍රවරයා කප්පම් කල්ලියක් මෙහෙයවා ඇති අතර ඔවුන් නගරයේ සෑම ව්‍යාපාරික ස්ථානයකින්ම කාලයක සිට තර්ජනය කර කප්පම් ලබාගෙන තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

මොවුන්ගෙන් පහර කෑමට ලක්වූ තරුණයා ගිරිඋල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් කුරුණෑගල රෝහලටත් ඉන් පසුව මහනුවර මහ රෝහලටත් මාරුකර යැවූ බව රෝහල් ආංරචි මාර්ග සඳහන් කරයි.

මෙම කප්පම් කල්ලියේ අනෙකුත් සාමාජිකයන් මේ වන විට ප්‍රදේශය අතහැර පළා ගොස් ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *