රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 22 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මියයාම හේතුවෙන් මුන්දලම දිසා රෝහල වසාදමයි

මුන්දලම දිසා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිලුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

උණ රෝගයෙන් පෙලුණු තරුණයකු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රෝහල වසා දමා තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මරණකරුගේ පිසීආර් පරික්ෂණයක් සිදුකර යවා ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහල වසා දැමීමට පියවර ගෙන ඇත.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *