“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඇප” රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව, පානදුර මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 10ක් වූ ශරීර ඇප දෙකක් මත කුසල් මෙන්ඩිස්ට ඇප නියම කර ඇත.

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

ඊයේ (05) අලුයම 5 ට පමණ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැද වූ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු මිය ගියේය.

සිද්ධියෙන් පැයකට පමණ පසු පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද උදෑසන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

අනතුරින් පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *