ගෝඨාභයට එරෙහිව සාක්‍ෂි තිබේ නම් ඔහු අත්අඩංගුවට ගන්න පාඨලී කිව්වා – හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ජනපති කොමිසමේදී කියයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සාක්‍ෂි තිබේ නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වරක් තමාට අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවකදී ප්‍රකාශ කළ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඊයේ 30 දා පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකින් පසු තමා එළියට පැමිණෙමින් සිටියදී ඇමැති පාඨලී රණවක මහතා හමුවූ බවත් එහිදී ඔහු ඒ බව තමාට කියා සිටි බවත් සුහද

අරලියගහ මන්දිරයේ දී පැවැති එම සාකච්ඡාවේදී දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩු ගැන සාකච්ඡා කළ බවද සුහද ගම්ලත් මහතා කීවේය.

ගම්ලත් මහතා කොමිසම හමුවේ පවසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.මෙසේ දේශපාලනඥයින් පිරිසක් වටකරගෙන රාජ්‍ය නිලධාරීන් කැඳවා විභාග වන නඩු ගැන ප්‍රශ්න කිරීමේ ක්‍රියාදාමයක් පසුගිය රජය සමයේදී පැවැති බවත් එම සම්පූර්ණ ක්‍රියාදාමයම වැරදි බවත් සඳහන් කළ සුහද ගම්ලත් මහතා කියා සිටියේ එමගින් රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රිරියාවලිය දේශපාලනීකරණය වූ බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එවැනි එක් රැස්වීමකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවා සහභාගි වී සිටි බවද එම එක්

රැස්වීමක තමා ඉදිරියෙන් වාඩි වී සිටියේ අර්ජුන මහේන්ද්‍රන් බවද සාක්‍ෂිකරු කොමිසමට කීවේය.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා මේ බව කීවේය.

වරක් තමා මංගල උත්සවයක සිටියදී නීතිඥ උපුල් ජයසූරිය මහතා තමාට දුරකථන ඇමතුමක් ලබා දී

අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා ඔබ එනකම් බලාගෙන සිටින බව දැනුම් දුන් බවද ඒ අනුව තමා අරලිගහ මන්දිරයට යන විට එහි විශාල රැස්වීමක් පැවැති බවද කීවේය.

එම රැුස්වීම එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවද තමා එම රැස්වීමට ගොස් ටික වේලාවකින් නඩු ගැන කතා කිරීමට පටන් ගත් බවද සාක්‍ෂිකරු කීවේය.

මෙසේ එම රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ගෙන්වාගෙන එම විභාග වෙමින් පවතින නඩු ගැන ප්‍රශ්න කිරීම් සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි එක් රැස්වීමක් වරක් එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්යාලයේදී පැවැති බවද සඳහන් කළ සුහද ගම්ලත් කීවේ මින් පෙර කිසිදු අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයින් හමුවට කැඳවා නඩු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් නොතිබූ බවයි.

අර නඩුවට මොකද වෙලා තියෙන්නේ මේ නඩුවේ තත්ත්වය කොහොමද කියමින් නඩුවල තත්ත්වය ගැන රාජ්‍ය නිලධාරීන් කැඳවා මේ රැස්වීම්වලදී ප්‍රශ්න කළ බවද සාක්‍ෂිකරු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

මෙසේ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් කැඳවා නඩුවල තත්ත්වය ගැන විමසන සාකච්ඡාවලට

සහභාගිවීමට තමා කැමැති නොවූ බවද එහෙත් නීතිපතිවරයාගේ දැනුම්දීම මත තමාට එම රැස්වීම්වලට සහභාගි වීමට සිදුවූ බවද සුහද ගම්ලත් මහතා කොමිසමට කියා සිටියේය.

මේ සාකච්ඡුාවලදී ඇවන්ගාඞ් නඩුව සහ ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ හා නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම ගැනද සාකච්ඡා වූ බවත් තමා එයට එකග නොවූ බවත් කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු තවදුරටත් කොමිසමට කියා සිටියේය.

කොමිසම ඊයේ 30 දා උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ඇවන්ගාඞ් සමාගමේ පැමිණිලිල්ලට අදාළ මෙම විභාගය යළි ජූලි 16 දින සවස 2.00 ට කැඳවීමට කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *