මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

රජය විසින් පනවපු සෞඛ්‍ය උපදෙස් හා නීතිරීති සමහර පිරිස් විසින් ඉතාමත්ව ඉක්මනින් අමතක කරපු බවක් පෙනී ගිහින් තියනවා. ඊයේ දවසේදී බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයින් 19,665 ක් පරීක්ෂා කිරීමේදී පුද්ගලයින් 6725 ක් පමණ පිරිසක් මුඛ ආවරණ පැළඳ නොසිටි බව අනාවරණය වෙලා තියෙනවා. ඒ පුද්ගලයින්ට දැඩි ලෙස අවවාද කරලා මුදා හැරලා තියනවා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම නිසා ‍හෙට සිට බස්නාහිර පළාත තුළ පමණක් නොවේ සියලුම පොලිස්ථානවලට පොලිස්පති තුමා උපදෙස් දීලා තියනවා. මේ මුඛ ආවරණ නොපළදින ඒ වගේම වෛරසය අසාදනය වීම සදහා හේතු විට හැකි විදියට එම නිරෝධායන පනත උල්ලංඝණය කරන අයවලුන් සම්බන්ධව හෙට සිට නැවත මෙහෙයුම ආරම්භ කරනවා. එසේ නිරෝධායන පනතේ විධි විධාන උල්ලංඝණය කරන අයවලුන් ස්වයං නිරෝධායනය සඳහා දින 14 ට යොමු කරනවා. ඒක මග හරින්න කිසි කෙනෙකුට බෑ. මොකද ඒ අයගේ නිවෙස් හඳුනාගෙන ඒ දැන්වීම් ආදිය අලවලා ඒ අය නිරෝධායනය කරන්න ගත්තට පස්සේ ස්ථීර වශයෙන්ම තමන්ගේ දෛනික කටයුතුවලින් දින 14 ක් ඉවත් වෙලා සිටින්න සිදු වෙනවා. සෑම දෙනෙකුටම නැවත වතාවක් දැනුම් දෙන්න කැමතියි රජය විසින් ඒ ලබා දීලා තියන සෞඛ්‍ය උපදෙස් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් උපදෙස් නිසි පරිදි අනුගමනය කරලා අසීරුතාවයෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය‍ෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ද මුඛ ආවරණ පැළදවීම පිළිබදව අදහස් පළ කළේ ය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *