බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභයගේ ප්‍රකාශයට NGO මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා රණවිරු සැමරුම අමතා කළ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායමක් එසැනින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

රණවිරු සමරුවේදී හෙලිකොප්ටර් යානා තුනකින් මල් දැමීමේ සිද්ධිය ද එම රාජ්‍ය නොවන සංවිධාන සිය පැමිණිල්ලේ දක්වා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ හමුදාවට බ්‍රිතාන්‍ය යුද පුහුණු හෝ වැඩමුළු සඳහා ඇරැයුම් කිරීමෙන් වළකින ලෙස ද බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාව බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *