LTTE ත්‍රස්තවාදීන් සැමරීමට අවසර නොලැබුණු හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු පිරිස හොරපාරෙන් LTTE ත්‍රස්තවාදීන් සැමරීමට ගිය ගමන වළකයි

යුද්දෙන් මිය ගිය එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.

පවතින කොරෝනා අවධානම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවාකාරයෙන් සිදු කිරීමට අවසර නොලැබීමත් සමග උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනය සංගුපිඩ්ඩි පාලම හරහා මන්නාරම දක්වා වැටී ඇති ඒ-32 මාර්ගය ඔස්සේ පුනරීන් මාර්ගයෙන් මුල්ලිවයික්කාල් ගමන්කිරීමට අද (18) උදෑසන උත්සහ දරා තිබේ.

එහිදී පොලීසිය හා යුදහමුදා මාර්ග බාධකයන් වලදී එම පිරිස් ආපසු හරවා යාපනයටම යැවීමට කටයුතු යොදා ඇත.

අනතරුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු පිරිස යාපනය චේම්මිණ මංසන්ධියේ පිහිටා ඇති යුද ස්මාර්කය අසලදී යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක්ද සහභාගී වී ඇත.

කෙසේ නමුත් චෙම්මිණ ප්‍රදේශයේ යුද සැමරුමටද පොලිස් නිළධාරීන් විසින් බාධා සිදුකොට ඇත්තේ පවතින කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් පිරිස් රැස්වීමෙන් වලකින ලෙසට දැනුම් දීමෙන් වන අතර එහිදී සී.වී.විග්නේශවරන් ඇතුලු පිරිසට ඉතා කෙටි කාලයක් එම ස්ථානයේ රැඳී සිට යාමට සිදුව ඇත.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *