පැය 24ක කාලය තුළදී කොරෝනා වෛරස් ආසාදිත මරණ 4491ක් සහ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 32,186ක් තිබියදී ඇමරිකාවේ කොරෝනා නිසා වැසූ ප්‍රාන්ත යළි විවෘත කිරීමට ට්‍රම්ප්ගෙන් සැලැස්මක්.වීඩියෝ සහිතයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ (16දා ) දිනයේ ගත වූ පැය 24ක කාලය තුළදී වාර්තාගත අයුරින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4491 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.මෙම මරණ සංඛ්‍යාව කොරෝනා වසංගතය ලොව පැතිරීම ඇරඹීමෙන් පසු දිනක් තුළදී රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව සේ සැළකේ.

මේ අනුව අද (17දා ) උදැසන 10 වන විට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබු මුළු කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 34,641 දෙනෙකු විය .එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 678,144 දෙනෙකි.දැනට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා කොරෝන මරණ සංඛ්‍යාව වාර්තා වනුයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අගුලු දැමීමේ සීමා පැනවූ ප්‍රාන්තවල ආර්ථික කටයුතු යළි ඇරඹීමට අදාළ උපදෙස් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට ලබාදී ඇත.

ඒ අනුව අදියර තුනක් යටතේ ප්‍රාන්තවල අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට ආණ්ඩුකාරවරුන්ට අවස්ථාව ලැබේ. ෆෙඩරල් ආණ්ඩුවේ සහායෙන් මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදුවේ.

ඇතැම් ප්‍රාන්ත මෙම මාසයේ විවෘත කිරීමට ද ජනපතිවරයා යෝජනා කර තිබේ.

දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහුු ප්‍රකාශ කළේ අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ අමෙරිකාව නැවත විවෘත කිරීම බවයි. අමෙරිකාවට සහ අමෙරිකානුවන්ට විවෘත වීමට අවශ්‍ය බවත් ජාතික වශයෙන් අගුලු දැමීමේ ක්‍රියාවලිය තිරසාර දිගුකාලීන විසඳුමක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අගුලු දැමීම ක්‍රියාත්මක සමයේ පුද්ගලයින් මත්ද්‍රව්‍ය හා ඇල්කොහොල්වලට ඇබ්බැහි වීමට සහ හෘද රෝග මෙන්ම අනෙකුත් කායික හා මානසික ගැටලුවලට ලක්වීම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් දීර්ඝ කාලයක් අගුලු දැමීම මහජන සෞඛ්‍යයට බරපතළ හානි ගෙනදෙන බව ජනපතිවරයා අවධාරණය කළේය.

ප්‍රාන්තවල ආර්ථික කටයුතු යළි ආරම්භ කිරීමට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ ලේඛනය පිටු 18 කින් සමන්විත වේ. අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන එම මාර්ගෝපදේශ අනුව සෑම අදියරක්ම අවම වශයෙන් දින 14 ක කාලයක් ක්‍රියාත්මක වේ.

අදියර තුන පුරාම ඇතුළත් වන ඇතැම් නිර්දේශ අතර පෞද්ගලික සනීපාරක්ෂාව ඇති කිරීමට අදාළ නිර්දේශ මෙන්ම සමාජ දුරස්ථතාව සහතික කිරීමට, පරීක්ෂණ සිදුකිරීමට හා සම්බන්ධතා හඳුනාගැනීමට අදාල ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සේවා යෝජකයින් අදාළ නිර්දේශ ද ඇතුළත් වෙයි.

පළමු අදියර අනුව දැනට ක්‍රියාත්මක වන අගුලු දැමීමේ සීමා එනම් අත්‍යවශ්‍ය නොවන ගමන්වලින් සහ කණ්ඩායම් වශයෙන් ඒකරාශී වීම වැළකීම ආදිය ඇතුළත් වේ. එහෙත් අවන්හල්, ආගමික කටයුතු සිදුකරන ස්ථාන හා ක්‍රීඩා පවත්වන ස්ථාන දැඩි සීමා යටතේ පවත්වාගෙන යා හැකිය.

කොරෝනා වෛරසය නැවත පැතිරීමේ සාධක නොමැති නම් දෙවැනි අදියර යටතේ අත්‍යවශ්‍ය නොවන ගමන්වල යෙදීමට අවසර දිය හැකිය. තව ද පාසල් යළි විවෘත කිරීමට ද මෙම අදියරේදී හැකි වන අතර මත්පැන් අලෙවිසැල් රැඳී සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව සීමා කරමින් පවත්වාගෙන යා හැකිවේ.

ප්‍රාන්තය තුළ රෝගීන් වාර්තා වීම සහ පුද්ගලයින් වෙතින් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පහත වැටෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ නම් තුන්වැනි අදියර යටතේ භෞතික දුරස්ථතා මාර්ගෝපදේශ අනුගමනය කරමින් මහජන ඒකරාශිවීම්වලට සහ වැඩබිම්වලට සේවකයින් සීමා රහිතව යෙදවීමට අවසර ලැබේ. එමෙන්ම රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යෑමට සහ රැඳී සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ නංවමින් මත්පැන් හල් පවත්වාගෙන යාමට ද අවසර හිමිවේ.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 654,301 ක් බවට පත්වී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 32,186 කි.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *