මහජන බැංකුව මගින් කපාගත් ණය වාරික මුදල් නැවත එම ගිණුම් වලට – මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

මහජන බැංකුව මගින් කපාගත් ණය වාරික මුදල් නැවත එම ගිණුම් වලට දැමීමට තීරණය කළ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය.

රජය එම ණය වාරික අය නොකරන ලෙස උපදෙස් දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

රජයේ බැංකු වලින් කපා ගත් ණය වාරික නැවත රිවස් කරන බව (එනම් නැවත එම ගිණුමට දමන බව) ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී ජයසුන්දර මහතා ද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේය.

එහෙත් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රජයේ ඇමතිවරයෙකු කීවේ මේ සහනය ලැබෙන්නේ අප්‍රේල් මස සිට බවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *