පාකිස්තානයෙන් ඇවිත් මීගමුව ප්‍රදේශයේ කතෝලික බාලිකා පාසලක් වීඩියෝ කරලා – රහස් පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි

දැනට සති කිහිපයකට පමණ පෙර පාකිස්තානු ජාතිකයන් දෙදෙනකු විසින් මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ කතෝලික බාලිකා විද්‍යාලයක් වීඩියෝ කළ බව කියන සිද්ධියක් පිළිබඳව රහස් පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සැකකරුවන් කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර යැවූ බවට කොළඹ අගරදගුරු මැඳුර චෝදනා කිරීමෙන් පසු රහස් පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙසේ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එහෙත් කටාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ මෙම පාකිස්තානු ජාතිකයන් දෙදෙනා අන්තර්ජාලයට සම්බන්ධ මාධ්‍යවේදීන් දෙදෙනකු බවත් ඔවුන් එම පාසල වීඩියෝ කර නැති අතර ඒ අසල ප්‍රදේශය වීඩියෝගත කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළිවීම නිසා ඔවුන් මුදාහැරිය බවයි.

මේ වනවිට ඔවුන් දෙදෙනා යළි පකිස්තානයට ගොස් ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

නෝමන් පලිහවඩන

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *