රිෂාඩ් බදියුදීන් සිදු කල වංචා ඇතුලත් කොටි සිය ගනනක අන්දොලනාත්මක ගනුදෙනු ලිපිගොනු 67ක් තම නිවසේ සගවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය ආණ්ඩුව සමයේ සතොසට අදාලව සිදුකල කොටි සිය ගනනක අන්දොලනාත්මක ගනුදෙනු ඇතුලත් ලිපිගොනු 67ක් කොලඹ නිවසක සගවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන මෙහෙයුමකදී පෙරේදා (08) අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

එම නිවසේ රහසිගතව සගවා තිබු මෙම ලිපිගොනු අතරේ 2016 සහ 2017 වසරේ නැව් පිටින් මෙරටට ගෙන්වූ සහල් ගනුදෙනුවලට අදාල ලිපිගොනු වලට අදාළ ලිපිගොනුද ඒ අතරේ ඇති බව තහවුරු කරන ලද ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අමතරව විවධ අයගේ නම් භවිතා කරමින් මිලදී ගත් අක්කර සිය ගණනකට අදාළ ඔප්පු රාශියක්ද අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරේ ඇතිබව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.සතොස ආයතන තුල තිබිය යුතු මෙම ලිපිගොනු ඉන් පිට කර මේ අයුරින් සගවා තැබීම දැඩි සැකයට තුඩුදෙන බව පවසන ආරංචි මාර්ග පසුගිය රජය සමයේ එහි සිදු කරන ලද දුෂණ – වංචා රාශියක තොරතුරු මේ ඔස්සේ හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි වැඩිදුරටත් පැවසුහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වේදසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් මෙම පර්ක්ෂණය කටයුතු සිදු කරමින් පවතී.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *