අක්කර 40 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අත්පත් කර ගත් හිටපු ඇමැති රිෂාඩ්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

නෙවිය විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ අනුව දුරකථන විස්තර ඇමතුම් වාර්තා ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව දන්වා සිටියේය.

මෙම වාතාවරනය මත සැකකරුට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉල්ලීම් කළේය.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා කිසිදු පුද්ගලයෙකුට තර්ජනයක් කිරීමක් නොකළ බව සඳහන් කළේය.

එම නිසා ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට තරම් සාධාරණ කරුණු ඇප පනත යටතේ ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අවස්ථාවේ විමර්ශන කටයුතු සිදු වෙන හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවීමට ඉඩකඩ පවතින බවයි.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *