යහපාලන රජයෙන් සිරගත කල බෞද්ධ සංඝයා වහන්සේලා බිම සැතපෙද්දී එජාපයේ බෞද්ධ වීරයා චම්පිකට මෙට්ටයක්

වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට වෛද්‍ය නිර්දේශ මත නිදා ගැනීම සඳහා මෙට්ටයක් ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.

දියවැඩියා රෝගයෙන් පෙළෙන පාඨලී චම්පික රණවක මහතා බන්ධනාගාරගත කිරීමෙන් පසුව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන ඇතත් ඔහු නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු මට්ටමක නොසිටින බව වෛද්‍ය මතය වූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඒ මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘‘එම්’’ වාට්ටුවේ රඳවා තැබීමට තීරණය කර ඇත.

පසුගිය රජය සමයේ වත්මන් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාවද අත්අඩංගුවට ගෙන

බන්ධනාගාරගත කළ අවස්ථාවේදී රඳවා තබනු ලැබුවේ මෙම ‘‘එම්’’ වාට්ටුවේය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *