ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා.වීඩියෝ සහතයි

එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වන බවද එය මෙරට ස්වෛරීත්වයට එල්ල කළ බරපතල ප්‍රහාරයක් බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

එංගලන්තයේ පාලක පක්ෂය ඊළම පිහිටුවීමේ උත්සාහයක – උදයගෙන් විශේෂ හෙළිදරව්වක්

එංගලන්තයේ පාලක පක්ෂය ඊළම පිහිටුවීමේ උත්සාහයක – උදයගෙන් විශේෂ හෙළිදරව්වක්2019 දෙසැම්බර් 3 වන දින පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

Posted by Udaya Prabhath Gammanpila on Tuesday, 3 December 2019

“එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මාසේ 13 වෙනිදා. ඒ වෙනුවෙන් එරට පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය 25 වෙනිදා එළි දැක්වුවා. ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස මෙරට රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 53 වන පිටුවේ සඳහන් වෙනවා.

‘ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපගේ සහයෝගය දෙන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදිපරෙදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වාගනු ලැබේ ’යනුවෙන් එහි දැක්වෙනවා.

මොවුන් මේ උත්සාහ කරන්නේ දෙමළ ඊළම හදන්නයි. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ ඊළම හෝ වෙනත් නමකින් හෝ දෙමළ රාජ්‍යයක් තිබිලා නැහැ. ඒ නිසා එවැනි රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ. එක්සත් රාජධානිය නම් හැදිලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය කියන රාජ්‍යයන් තුළ බලහත්කාරයෙන් ඈඳාගෙනයි. ඒත් අපි කලින් තිබුණ අවිදිහට මේ රාජ්‍යය බෙදන්න ඕන කියලා කවදාවත් පෙනී සිට නැහැ.

මේ මැතිවරණ ප්‍රකාශනය නිකුත් කර අදට දින අටක් ගෙවි යද්දිත් එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ මහකොමසාරිස් මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඔහු එක්කෝ දන්නේ නැහැ. නැත්නම් බෙදුම්වාදින්ගේ උවමනාව වෙනුවෙන් නොදන්නවා වගේ ඉන්නවා. මේ මැතිවරණ ප්‍රකාශනය හෙළා දැකලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න බැරි නම් අවම වශයන් ඔහු මෙරට විදේශ ඇමතිව දැනුවත් කළ යුතුව තිබුණා.

මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වන්නැයි අප විදේශ ඇමතිතුමාගෙන් ලිඛිතවම ඉල්ලා සිටිනවා. එසේම එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා” යැයිද ඒ මහතා කීය.

කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය (Page 53)

https://assets-global.website-files.com/5da42e2cae7ebd3f8bde353c/5dda924905da587992a064ba_Conservative%202019%20Manifesto.pdf

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *