හිටපු ඇමති රාජිතට වැඩ වරදී “සුදු වෑන්” මාධ්‍ය සාකච්ජාව ගැන CID විමර්ශන අරඹයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

පසුගිය නොවැම්බර් මස 10 දා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන පුද්ගලයකු සහ සුදු වෑන් රථයක රියදුරෙකු යැයි පැවසෙන පුද්ගලයකු පෙනී සිටියා.

මෙම චෝදනාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රූපවාහිනී නාලිකා කිහිපයකට අද නියෝග කරනු ලැබුවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා හිටපු අමාත්‍යවරයා සමග ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය මදනායක යන අය සහභාගි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

පරීක්ෂණ වල ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *