ලන්ඩනයට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබයි.වීඩියෝ සහිතයි

ලන්ඩන් පාලම (London Bridge මත සිදුවූ පිහි ඇණුම් ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි ලන්ඩන් ගිලන්රථ සේවා ආයතනය සඳහන් කර සිටින්නේ.

මෙම ප්‍රහාරය සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු පොලිසිය විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ලන්ඩන් පාලම සමග සම්බන්ධ වන දුම්රිය ස්ථානය වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *