උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද ඇතුළු ප්‍රධාන පෙළේ බදු රැසක් ඉවතට.වීඩියෝ සහිතයි

ජාතිය ගොඩනැඟීමේ බද්ද,උපයන විට ගෙවීම් බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද(27) පැවති නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුව සහන පැකේජයක් ජනතාව වෙත ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.

අද දිනයේ දී ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන පැකේජය ජනාධිපතිවරයා විසින් ලබා දි ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාවට මේ තුළින් හුස්ම ගැනීමට මෙන්ම ව්‍යවසාකයින්ට නව බලාපොරොත්තු රැසක් සමඟ මෙම යෝජනා සියල්ලට අගමැතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම සංශෝධන සඳහා වු ගැසට් නිවේදන හා අණපනත් ඉතා කඩිනමින් සැකසීම ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව, ගෘහස්ථ නිෂ්පාදන සඳහා වු භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන බද්ද , උපයන විට ගෙවීම් සඳහා වන ආදායම් බදු, පොලී මත අය කරන විවිධ වාර්ගයේ ඇනවුම් බදු හා ණය සේවා බදු යන සියලු බදු වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබේ.

මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පහත සඳහන් බදු වර්ග සියල්ල ඉවත් කර තිබේ.

1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද

2) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක් කිරීම.

3) ආර්ථික සේවා ගාස්තු

4) බැංකු හා මූල්‍ය ආයතනයන් මත පැනවෙන හර බද්ද

5) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද

6) ස්වාධිපත්‍ය දේපළ මත පැනවෙන වැට් බද්ද

7) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද

8) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු

9) ණය සේවා බද්ද

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *