TNA යෝජනා13න් එක් යෝජනාවක් අගමැති රනිල් තහවුරු කරයි – ජනපතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක්

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ යාපනය මනිපායි සෙල්වමුත්තු ක්‍රීඩාංගනයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ක්සත් ජාතික පෙරමුණේ ජනරැලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මනිපායි සෙල්වමුත්තු ක්‍රීඩාංගනයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

“ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම ස්ථාපනය කරනවා. ද්වීතීය මණ්ඩලයක් හෙවත් සෙනට් සභාවක් ඇතිකරනවා
පළාත් සභා නියෝජිතයින් පත් කරන ආකාරය. සමහර ගැටලු වල ඉතුරු කොටස් විසඳනවා

ඉඩම් හා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්න විසඳනවා. මේ සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. හැමෝගෙම අදහස් අරගෙන ගෙනාපු යෝජනා. රහස් ගිවිසුම් සාකච්ඡා නැහැ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහය දෙනවා

අනිත් පක්ෂ වලටත් ඉල්ලීමක්. රහස් ගිවිසුම් තිබුණා කියයි. රට පාවා දෙනවා කියයි. ගෝඨාභයගේ ව්‍යාපාරය මඩේ එරිලා දැන් දේශද්‍රෝහී කියලා ව්‍යාපාරයක් ගෙනියයි“

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ තවත් ජනහමුවක් පසුගියදා පැවැත්වුණේ යාපනය මනිපායි සාවල්කාඩු අනයිකෝඩායි මහත්මා ප්‍රජා ශාලාවේදී පැවැත්වුණි.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *