යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආ රට බෙදන නව ව්‍යවස්ථා ගෙන ඒමට දතකන NGO සමන් රත්නප්‍රියගේ සහය සජිත් ප්‍රේමදාසට

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන්නට අපි තීරණය කර තිබෙනවා. ඒ ගැන මීට පෙරත් අපි කිව්වා. 2015 දී අපි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන්නා. ඒ ආණ්ඩුව හදාගෙන අපි යන්න බලාපොරොත්තු වුණ ඉලක්ක බොහොමයි. ඒත් ආණ්ඩුවට ආණ්ඩුවේ ඉලක්කවලටවත්, ජනාධිපතිට ජනාධිපතිගේ ඉලක්කවලටවත්, පුරවැසියන් ලෙස අපට අපේ ඉලක්කවලටත් මේ පාලන කාලය තුළ යන්න බැරි වුණා යයි පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (08) පැවසීය.

එහෙත් මේ කාලය තුළ සමාජයට සිදුවුණ යහපත් දේවල්ද තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීම, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, විධායක බලතල කප්පාදු කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, නිදහසේ අදහස් දැක්වීමේ අයිතිය තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ අතර ප්‍රධානයි. ඒ විතරක් නෙවෙයි මේ කාලය තුළ ජීවන වියදම් සැලකිය යුතු ලෙස පහත වැටුණා. ඉන්ධන මිල අඩුවුණා. රාජ්‍ය සේවකයෙකුගේ වැටුප දෙගුණයකින් වැඩි වුණා.

2015 ට පෙර තිබූ මහින්ද රාජපක්ෂ පාලන කාලය කියන්නේ ඉතිහාසයේ තිබූ නාස්තිකාරම වියදම් කරපු කාලයක්. සංවර්ධනය මුවාවෙන් රටේ සල්ලි, ජනතාවගේ සල්ලි නාස්ති කළා. අදහස් දැක්වීමේ ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරා ගත්තා. සුදුවෑන් සංස්කෘතියක් ඇති කර ජනතාව භීතියට පත් කළා.

පහුගිය දවස්වල රණවිරුවන්ගේ විරෝධතාවයක් තිබුණා. ඇත්තටම මේකේ වරද තියෙන්නේ කොතනද? යුද්ධය අවසන් වෙලා වසර හයක් ගත වෙනකල් බලයේ හිටියේ මහින්ද රාජපක්ෂලා. ඒ කාලයේ ඔවුන් මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. දැන් ඒක මේ ආණ්ඩුවේ පිට දාන්නයි ඔවුන් උත්සාහ කළේ.

අපි විශ්වාස කරනවා අපිට මේ ආණ්ඩුකාලය තුළ විසඳාගන්න බැරි වුණ දේවල් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයකින් දිනාගන්න පුලූවන් වෙයි කියලා. මේ මැතිවරණයට ගොඩක් අය ඉදිරිපත් වෙලා තිබෙනවා. යයිද සමන් රත්නප්‍රිය මහතා අද පැවසීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *