කේරළ ගංජා ප්‍රවාහනය කළ එජාප හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සුඛෝපභෝගී කැබ් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සැකකරු සමඟ ඔහුගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සමෝදාගම ප්‍රදේශයේදියි. දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු කැබ් රථයක් නිරික්‍ෂණය කර ඇත.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ එකහමාරක් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රියදුරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ.

කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථයද ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *