නව යුද්ධ හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා.

1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටි.ටි.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ඔහු ඉකුත් ජනවාරි මාසයේ සිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ කටයුතු කළේය.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *