ඉදිරියේ දී රාජපක්ෂ පාලනයක් බිහි විය හැකි බැවින් ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර ගිවිසුම් ඊට පෙර අත්සන් කරගන්නා ලෙසට එරට බුද්ධි මණ්ඩලයක් වන “ද හෙරිටේජ් ෆවුන්ඩේෂන්” අමෙරිකානු රජයට දැනුම් දිලා.වීඩියෝ සහිතයි

ඉදිරියේ දී රාජපක්ෂ පාලනයක් බිහි විය හැකි බැවින් ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර යෝජිත සියලු ගිවිසුම් ඊට පෙර අත්සන් කරගන්නා ලෙස එරට බුද්ධි මණ්ඩලයක් වන “ද හෙරිටේජ් ෆවුන්ඩේෂන්” අමෙරිකානු රජයට දැනුම් දි ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (22) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

අමෙරිකානු බුද්ධි මණ්ඩලයක් මගින් අපූරු උපදෙසක් අමෙරිකානු ආණ්ඩුවට ලබාදී ඇති බව පැවසු මන්ත්‍රීවරයා පැවසුවේ එම අපූරු උපදෙස වන්නේ ඊළඟ මැතිවරණයෙන් රාජපක්ෂලා බලයට එන බවත් ඊට පෙර ගිවිසුම් සියල්ල අත්සන් කර ගන්නා ලෙස යන්න බවයි.

අමෙරිකාවයි ශ්‍රී ලංකා ආණ්ඩුවයි අලුත් ගිවිසුමක් අත්සන් කරන්න සුධානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදි පැහැදිලි කළේය.

2017 අත්සන් කළ ” එක්සා” ගිවිසුම 2019 දි නැවත අලුත් කිරීමට අණේඩු සුදානම් වන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

අදාල අමේරිකානු බුද්ධි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිද අදාල ගිවිසුම් අත්සන් කිරීමට අග්‍රාමාත්‍යවරයා කැමැත් පල කර ඇති බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

කෙසේ නමුත් ආදාල ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ හමුදාව කැමැත්ත ලබා දීලා නොමැති බවද එහි සඳහන් වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසීය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *