පොලිස් වෙඩි පහරින් ආවා සාමාජිකයෙක් මරුට පස් දෙනෙකු පලා යයි

යාපනයේ, මනිපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දීමට තැත් කළ ‘ආවා’ කල්ලියේ සාමාජිකයින්ට පොලීසිය විසින් වෙඩි තබා ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මේ අතර අදාළ සැකකරුවන් විසින් අත්හැර දමා ගොස් ගිය කඩු තුනක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අදාළ සිද්ධියෙන් පසු අපරාධ කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *