ඇමති රවීගේ විදුලි බල මණ්ඩලයට අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලබාදීම නවතා දැමෙයි

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉනධන නළ සකස් කිරිමේදී විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා බාධා සිදුකරන නිසා අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම නවතා දමන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

අඟල් 12 නළ මාර්ගය එළීමේදී ඉවත් කළ යුතු නිවාස වන්දි මුදල් ලබාදී ඉවත් කර තිබියදී කිසිඳු හේතුවක් නොමැතිව අමාත්‍යවරයා අදාළ කටයුතුවලට බලපෑම් කරන බවද එම සංගමයේ ලේකමන් ජයන්තර පරෙයිගම මහතා පැවැසීය.

මේ සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති සහාය දක්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *