සයිටම් නඩුවේ වෛද්‍ය සමීර සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

සයිටම් ආයතනයේ වෛදය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛදය සභාවේ ලියාපදිංචි වීමට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛදය සභාවේ සාමාජිකයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කළ නඩුව අද (25) අභියාචනාධිකරණයේදී කැදවනු ලැබුවා.

එහිදී මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙසට නම් කර ඇති ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී.

ඔහුගේ නොපැමිණීම සම්බන්ධයෙන් නීතිඥ නියෝජනයක් නොතිබුණු අතර අධිකරණයේ පෙනී නොසිටි අනෙකුත් වෛද්‍යවරුන් තිදෙනාට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට තරයේ අවවාද කරන ලදී. එම තිදෙනා අද දින නොපැමිණීමට නීතිඥවරුන් විසින් හේතු ඉදිරිපත් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කළ නඩුව අද දින අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛදය සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත. සයිටම් උපාධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබියදී වගඋත්තරකරුවන් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දිල්මි සූරියආරච්චි නැමැති ශිෂ්‍යයාව මෙම නඩුවෙන් පැමිණිලි කර සිටියි. පෙත්සම යළි ජූලි මස 22 දා කැදවීමට නියමිතය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *