ISIS සංවිධානය ලංකාවේ ප්‍රහාරවල වගකීම භාරගත්තද ප්‍රහාර ගැන මුල සිටම දැනුවත්ව සිට නෑ

අයිසිස් සංවිධානය ලංකාවේ ප්‍රහාරවල වගකීම භාරගත්තද සැබවින්ම ඔවුන් මේ ප්‍රහාර ගැන මුල සිටම දැනුවත්ව නොසිටි බව හෙළිව තිබේ.

මෙම ප්‍රහාර ගැන පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම්වලට සහරාන්ගේ කණ්ඩායම හා අයිසිස් සංවිධානය අතර සබඳතාවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර ගැනීමට අපහසු වී ඇති බව හින්දු පුවත්පත කියයි.

අයිසිස් සංවිධානය ලංකාවේ ප්‍රහාරවල වගකීම භාරගත්තේ මෙම සිදුවීමෙන් පැය 48 කට පසුවය. අයිසිස් සංවිධානය තම ප්‍රහාරයක් සිදුවූ සැණින් වගකීම භාරගන්නා අතර මෙය විරල සිදුවීමකි.

සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත පිරිස තම දිවුරුම ලබා දෙන්නේ අයිසිස් කොඩිය පිටුපසින් තබාගෙනය. එය හරහා මේ ගැන වගකීම භාරගැනීමට අබුබකර් බැග්ඩෑඩි තීරණය කරන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් අනුමාන කරයි.

සහරාන්ගේ දෙවැනියා ලෙස සැලකෙන සෞදි අරාබියේදී අත්අඩංගුවට පත්ව පසුව මෙරටට රැගෙන පැමිණි ත්‍රස්ත සැකකරු වන මොහොමඞ් මිල්හාන් හරහා මේ සබඳතා ගැන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකි වේයැයි පරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තු වෙයි.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *