ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල්වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක්

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුවාවී යුරෝපයේ මුල්වරට ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාවක් ආරම්භ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට පැනගොස් දේශපාලන රැකවරණ ලබාගත් ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමිකයන් තිදෙනකු විසින් ආරම්භ කර ඇති මේ ඩයස්පෝරා කල්ලිය අරමුදල් එකතු කිරීමද ආරම්භ කර තිබේ.

මේ මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය පසුගිය සතියේ සිට යුරෝපා රටවල සිටින ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහාය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පා ඇතැයි මොවුන් අන්තවාදීන්ට පවසා ඇත.

මොවුන් මුල්වරට විදේශීය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ සහයෝගයෙන් ජිනීවා නුවර මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිටදී බොදුබල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව විරෝධතාවයන්ද පවත්වා තිබේ.

මෙම විරෝධතාවය ඇමතූ ශ්‍රී ලාංකික මුස්ලිම් ක්‍රියාකාරීයෙක් කොටි ඩයස්පෝරාව තමන්ට සහය පළ කරන බවද සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සංහාරය කිරීමට සිංහල බෞද්ධයන් ක්‍රියා කරන බව දන්වමින් මේ මුස්ලිම් ඩයස්පෝරා කල්ලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මේ මුස්ලිම් ඩයස්පොරා කල්ලිය විදේශ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ගෙවා ඔවුන්ගේ නම යටතේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලය ඇමතීම සඳහාද ලියාපදිංචියද ලබාගෙන ඇත.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *