ඉන්දියාවට ලකුණු 11 ක තියුණු ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය.වීඩියෝ සහිතයි

ඕවර 49.5 කදී – ඇෆ්ඝනිස්තානය 213/10 (ඉක්‍රම් අලී ඛාන් නොදැවී 07, මොහොමඞ් සාමි 40/4)

තරගය ජයගැනීම සඳහා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මොහොමඞ් සාමි අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට මොහොමඞ් නබී සමත් විය.

කෙසේ වුවත් දෙවැනි තෙවැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි හර්දීක් පාණ්ඩ්‍යා අතට උඩ පන්දුවක් දෙමින් නබී ලකුණු 52 කට දැවී යෑමත් සමග ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ අවසන් ජයග්‍රාහී බලාපොරොත්තුවත් සුන්වී ගියේය.

ඉන් නොනැවතුන මොහොමඞ් සාමි, එම ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී අෆ්ටාබ් අලාම්ගේ සහ මුජිබුර් රහමන්ගේ කඩුලු බිඳ දමමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමටද සමත් විය. ඒ සමගම එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් සිවුවැනි ඉන්දීය ක්‍රීඩකයා බවටද ඔහු පත්විය.

ඒ අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *