සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් පස්දෙනකු ඉන්දීය අයිඑස් සංවිධානය සමග සම්බන්ධව කටයුතු කර ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මුල්වරට හෙළි කරයි
ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් පස්දෙනකු ඉන්දීය අයිඑස් සංවිධානය සමග සම්බන්ධව කටයුතු කර ඇති බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මුල්වරට හෙළි කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය අයි එස් ක්රියාකාරීන්ගේ දුරකථන දත්ත පරීක්ෂාවට ලක් කිරීමේදී මේ බව තහවුරු වී තිබේ.
පාස්කු ඉරිදා සිද්ධියට සම්බන්ධ බෝම්බකරුවන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් සමග ද මෙම ඉන්දීය අයිඑස් ක්රියාකාරීන් සබඳතා පවත්වා ඇත.
මෙම ඉන්දීය අයිඑස් ක්රියාකාරීන් සතු දුරකථන අංක පහක් පරීක්ෂාවට ලක් කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය