අත්අඩංගුවේ සිටින සහරාන්ගේ ගෝලයන් පිළිබඳව තොරතුරු ගැනීමට මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌ සහ ජර්මානු සංවිධානයක්‌ උත්සාහ කරන බවට බුද්ධි අංශ අනාවරණය කරගනී

පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ අත්අඩංගුවේ පසුවන ගෝලබාලයන් පිළිබඳව මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌ සහ ජර්මානු සංවිධානයක්‌ රහසිගත විමර්ශනයක්‌ අරඹා ඇත.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ ත්‍රස්‌ත මර්දන ඒකකය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගෙන සිටින එම ගෝලබාලයන් ගැන තොරතුරු ලබා ගැනීමට මොවුන් උත්සාහ කරන බවයි.

මේ වන විට 111 ක පිරිසක්‌ අත්අඩංගුවේ පසුවන අතර ඉන් 87 දෙනකු සහරාන්ගේ සගයන් බව හෙළිවී ඇත.

මෙතෙක්‌ මෙම පිරිස කවුදැයි විමර්ශන නිලධාරීන් විසින් හෙළිකර නැත.

කීර්ති වර්ණකුලසූරිය

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *