කැබිනට් මණ්ඩලය සති දෙකකට කල් දැමුණු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගිවිසුම ඇමති සාගල රත්නායක ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා නියෝජිතයින් එක්ව අත්සන් කරලා.වීඩියෝ සහිතයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව කතාබහ යළි මතු වූයේ මෙම පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවට පසුගියදා රොයිටර් පුවත් සේවය කළ අනාවරණයත් සමග ය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.

නමුත් කැබිනට් ආරංචි මාර්ග පවසන්නේ, මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම සති දෙකකට කල් දැමුණු බව ය.

එමෙන් ම මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර අවසාන කෙටුම්පත නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ‍්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේ. කොළඹ දකුණු වරායේ පිහිටි…

Posted by Sagala Ratnayaka on Tuesday, 28 May 2019

නමුත් අද සවස ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා නියෝජිතයින් එක්ව මේ සඳහා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වරාය අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති මීට සිය විරෝධය පළ කළේ ය.

වෘත්තීය සමිති සඳහන් කළේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් රජය හෙළිදරව් කළ යුතු බව ය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *