අසාද් සාලි ත්‍රස්තවාදියෙක් – මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්නා ලෙස මුලින්ම ආරාධනා කල බවටද, තමාගේම දියණියට හිසට වෙඩිතබා ඝාතනය කරන බවටත් පැහැදිලි සාක්ෂි සහිතව මන්ත්‍රී උදය ගම්මන්පිල ඔප්පු කරයි.වීඩියෝ සහිතයි

හිරු රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සම්බන්ධ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.

සාකච්ඡාව මුල සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර ගම්මන්පිල මහතා විසින් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුකාර අසාත් සාලි මහතාට ඉදිරිපත් කරන ලද චෝදනා ඔහු විසින් පිලිගත හැකි මට්ටමින් ප්‍රතික්‍ෂෙප කිරීමක් නොකලේය.

මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්නා ලෙස මුලින්ම ආරාධනා කළ පුද්ගලයා අසාද් සාලි බවත් මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බවට මුලින්ම කිව්වේද අසාත් සාලි මහතා බව ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පෙන්වා සිටියේය.

නමුත් එම චෝදවා බැහැර කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකිරීම විශේෂයකි.

තමන් කෙතරම් ප්‍රිය කරන පුද්ගලයෙකු ජනපති අපේක්ෂකයා වුවත් ඔහු රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි වැන්නවුන් හා අත්වැල් බැඳගන්නවා නම් සිය පක්ෂයේ සහාය එම අපේක්ෂකයාට නොලැබෙන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මෙහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා අසාද් සාලි ආණ්ඩුකාරවරයා විසින් සිදුකරනු ලැබූ අන්තවාදී කටයුතු රාශියක් සාක්ෂි සහිතවම ඉදිරිපත් කිරීම දක්නට ලැබුණි.

එමෙන්ම මෙතරම් තොරතුරු තිබියදීත් යහපාලන රජයේ සිව් වසරකට අධික පාලන සමය තුළ සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූ පැනයට සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුකාරවරයා අපොහොසත් විය.

සහරාන් පෝෂණය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් බවට නැගෙන චෝදනා වලට පිළිතුරු දෙමින් ගම්මන්පිල මන්ත්‍රිවරයා අසා සිටියේ සහරාන් පෝෂණය කළේ මහින්ද රාජපක්ෂ රජය නම් ඔහු පසුගිය ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක් වූයේ ඇයි ද යන්නයි

එම ප්‍රශ්නයට ද පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් අසාද් සාලි ආන්ඩුකාරවරයා සංවාදය අතරතුර හිරු නාලිකාවට ද විටින් විට දෝෂාරෝපණ එල්ල කරනු දක්නට ලැබුණි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *