තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ දකුණු අත ලෙස සැලකෙන සාදික් අත්අඩංගුවට

තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ දකුණු අත ලෙස සැලකෙන සාදික් නමැත්තා ආරක්ෂක අංශ විසින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබිණි.

මොහු කිහිප වරක් ම සිරියාවට ගොස් ඇතැයි මේ වන විට අනාවරණය වී ඇත.

සිරියාවේ දී අයිසිස් ක්‍රියාකාරීන් හමුවී ඇති සාදික් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් උපදෙස් ලබා ගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මතය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *