මහපොළ හාන්සි – 2015 වසරේදී දින 100 ආණ්ඩුව යටතේ වෙනත් අධිකාරියකට නීතිවිරෝධී ලෙස පැවරීමෙන් එම අරමුදලට රුපියල් කෝටි 4800ක පාඩුවක්

මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව පැවති මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය 2015 වසරේදී දින 100 ආණ්ඩුව යටතේ වෙනත් අධිකාරියකට නීතිවිරෝධී ලෙස පැවරීමෙන් එම අරමුදලට රුපියල් කෝටි 4800ක් පමණ පාඩුවක් සිදුව ඇති බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමෙ හමුවේ සාක්කි ලබා දෙමින් අද (02) පැවසීය.

විශාලතම රාජ්‍ය සම්පත් මංකොල්ලකෑමක් වන එම ගනුදෙනුව සහ පාඩුව සිදු කළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමෙන් ඉල්ලා සිටින බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එම කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

එලෙස නීතිවිරෝධී ආකාරයට පවරා තිබූ එම තොරතුරු තාක්ෂණ ආයතනය යළිත් මහපොළ භාරකාර අරමුදල යටතට පවරා ගැනීමට තමන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී උත්සාහ කළඳ ඊට රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විරෝධය මත එම උත්සාහය ව්‍යවර්ථ වූයේ යැයිද රාජපක්ෂ මහතා කොමිසම හමුවේ කීය.

මහපොළඋසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා හිටපු උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා වත්මන් රාජ්‍ය සමයේ රජයේ ආයතන වල සිදුවු වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට අද (02) කැඳවූ අතර එහිදී සිය පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු 2015 ජනවාරී මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා වු කාලය තුළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශ්‍යයෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. කුමාරසිරි සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති ඩබ්ලිව්. ධර්මරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් රැස් වුණි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *