කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී එච්. එම්. අලි උස්මාන් අත්අඩංගුවට

කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී එච්. එම්. අලි උස්මාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ සහෝදරයෙකුද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

නාවල පාර, පල්ලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම අවිආයුධ සොයා ගැණුනා. ඔවුන් දෙදෙනා අන්තවාදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවට සිදුකෙරෙනු මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තවත් පුද්ගලයින් රැසක් සොයා දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *