ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට?

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට ලබාදීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මේ වන විට සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන තරග කළහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවද ‍පොහොට්ටුවේ ඇතැම් පාක්ෂිකයන් තීන්දු කර ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂයකද සහයෝගය කුමාර වෙල්ගමට හිමිවන බව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් වෙත පවසා ඇති බවද වාර්තාවේ.

කුමාර වෙල්ගම විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා කරගත යුතු බව ඒකාබද්ධ නායකයන් පවසා තිබේ. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අලුත් අවුරුද්දෙන් පසු සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීරණය කර ඇත.

361Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *