මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගාර ගත කරයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.  කොළඹ දෙසට ඔහු ගමන් කළ මෝටර් රථයේ ගැටි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 62ක කාන්ාව රාගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන මහර ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනනාත් වරකාගොඩ ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුලක් වන විජේරත්න වරකාගොඩ පවුලේ පුතා වෙයි.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *