හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් මාධ්‍ය හමුවක් කැදවයි, පසුගිය වසර 3-4 අතර හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් සුමදිරන්ලා පටු අරමනු ඉෂ්ටකරගන්න හදනවා, සංහිඳියාව ඇති කිරීමට කෙටික්‍රම නෑ.වීඩියෝ සහිතයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ පැතිර යන ප්‍රචාරපිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායන මහතා පවසයි.

හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද(20) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ වෙනසක් සිදුවිය යුතු බවයි.

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකහිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා හිටපුනාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද පදනම් ආයතනයේදි මාධ්‍ය හමුවක්පැවැත් විය.

තිස් වසරක යුද සමයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් කිසිදු යුද අපරාධයක් සිදු කර නොමැති බව හිටපු යුද හමුදාපතිජෙනරල් දයා රත්නායක මහතා පවසයි.

ත්‍රිවිධ හමුදා සෙබළුන් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා මැදිහත්වී විසඳුම් ලබා දියයුතු බවහිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

පසුගිය වසර 3-4 අතර නිරන්තරයෙන් ත්‍රිවිධ හමුදාවේ සෙසු නිලයන් විවිධ අවස්ථාවලදී විවිධ චෝදනා මත අත්අඩංගුවටගැනීම සිදු වු බව  දයා රත්නායක මහතා මෙහිදී පැවසීය.

 අයට දඩුවම් පැමිණ වීම්  වාර්තා වන බව පැවසු රත්නායක මහතාපසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති බවත්  අයට චෝදනාවක් හෝ නොතිබුණ අවස්ථා  ඇති බව සඳහන් කළේය

14Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *