TNA ප්‍රදේශීය දේශපාලනඥයන් බලහත්කාරයෙන් අල්ලාගන්න ගිය නයාරු ගුරුකන්ද රජමහ වෙහෙර පිහිටියේ වසර 2000කට වඩා පැරැණි සංඝාරාමයක් පැවති පුරාවිදු භූමියක බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ වසර දෙදහසකටත් වඩා පැරැණි සංඝාරාමයක් පැවති සහ තවමත් ශේෂව ඇති බෞද්ධ නටබුන්වලින් ගහන පුරාවිද්‍යා භූමියක බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (12දා) ප්‍රකාශ කළේය.

ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ හින්දු බැතිමතුන්ට අයත් භූමියක බව පවසමින් පසුගිය තෛයිපොංගල් දිනයේදී එම පළාත් දේශපාලනඥයන් ඇතුළු 200ක පමණ පිරිසක් එහි කෝවිලක් ඉදිකිරීම සඳහා කැණීම් කටයුතු ආරම්භ කළහ.

එහිදී එම පිරිස සහ විහාරාධිපති හිමියන් සහ දායක සභාව අතර ගැටුමක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුලතිව් පොලිසිය විසින් මහජන සාමය කඩ කිරීමේ චෝදනා මත පාර්ශ්ව දෙකටම අධිකරණයේ නඩු පවරනු ලැබීය.

පසුගිය නඩු දිනයේදී මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලද නියෝගයකට අනුව ඊයේ (12දා) අධිකරණයේ පෙනී සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුරුකන්ද විහාරය ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථානයක් සහ පුරාවිද්‍යා භූමියක් බව පැවසූ අතර එහි කෝවිලක් ඉදිකිරීම පිණිස කැණීම් කටයුතු සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය. මෙහිදී ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් ප්‍රමුඛ දායක සභාව වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා පෙනී සිටි අතර මෙම මස 26 වැනි දින නඩුවට අදාළ නියෝගය ලබා දෙන බව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා ප්‍රකාශ කළේය.

 

6Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *