ජනාධිපතිවරණයට පෙර ස්ථීරවම පළාත් සභා මැතිවරණය පවත්වනවා, සොරමුලට වැටිච්ච ගිරවට වෙච්ච වැඩේ 2015 දී මට වුනේ හැබැයි මම හොරකම් කලේ නෑ ජනපති කියයි.වීඩියෝ සහිතයි

ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතාපවසයි.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව මෙලෙස අදපාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොලොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදිපැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතුකළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධමැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.

 සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙසගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.

අද දවසේ  රටේ ස්වාධීනත්වයනිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනැගිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවසඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ කවුරුන් කුමක් කිව්ව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැතිබවත්ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත්ය.

බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමටකොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව  මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මහබැංකු මංකොල්ලය පිළිබඳසොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම 2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචාදූෂණ පිළිබඳ සොයා බැලීමට තමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු  ලබන සතිය වන විට ආරම්භකිරීමට නියමිත බව කියා සිටියේ .

මේ අතර පොලොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අදපෙරවරුවේ විවෘත කෙරුණේ  ජනාධිපතිවරය අතිනි.

පිබිදෙමු පොලොන්නරුවදිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1500  වියදමින් මෙම ගොඩනැඟිලිසංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින්සමන්විතය

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *