රටේ ජාතික ආරක්‍ෂාව, රටේ අභිමානය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය පාවා දෙමින් රටටම හොරෙන් ඇමරිකාව සමග අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ගිවිසුම මෙන්න

Ranil Wickremesinghe

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්‍ෂාවරටේ අභිමානයභෞමිකඅඛණ්ඩතාවයස්වෛරීත්වයපාවා දුන් අන්දම අප දුටුවෙමුඑම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනිතීරණ වලිනි.2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාවරණවිරුවන් නින්දිත ලෙස පාවා දුන්කොටිත්‍රස්තවාදීන් සමග එම ඊනියා සාම ගිවිසුම අත්සන් කළේජනාධිපතිටවත්කැබිනට් මණ්ඩලයටවත් නොකියා හොරරහසේයඑම ගිවිසුම සම්පාදනය කරනු ලැබුවේ  ත්‍රස්ත හිතවාදී නීතිඥයින් වන අතරඑහි අඩංගු සියලූම කොන්දේසිත‍්‍රස්තවාදීන්ට පමණක් හිතකර වූ ඒවා වියඋදාහරණයක් ලෙස ත‍්‍රස්තවාදීන්ට රිසිසේ හමුදා කඳවුරු තුළ සැරිසැරීමටසහ බොරු පැමිණිලි දමා කඳවුරු පරීක්‍ෂා කිරීමට අවසර අනුමැතිය ලැබුණු අතර හමුදාවට කොටි කඳවුරු තුළට නොව එමපැත්ත පළාතේවත් යෑමට වත් නොහැකි වියකොටි ත්‍රස්තයන්ට මුහුදෙන් ඕනෑ තරම් අවි ආයුධ සහ පුද්ගලයින් ප්‍රවාහනයකිරීම සඳහා  අනුමැතිය දී තිබිණිමේවාට විරුද්ධ වුණු නිලධාරීන් සාම විරෝධීන් ලෙස හංවඩු ගසා කොන් කිරීම  සිදුවියචන්ද්‍රිකා ජනාධිපතිනිය රනිල්ගේ රජය විසුරුවා හැරියේ ජාතික ආරක්‍ෂාව  ආකාරයෙන් අනතුරේ හෙළන්නේ යැයි පවසමිනි.

මෙවර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ත්‍රස්තවාදීන් තුරන් කළ රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි පිළිගෙන මංගලසමරවීර ලවා ඊනියා ජිනීවා 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග්‍රහය දැක්වූයේ  ජනාධිපතිතුමාගේවත් කැබිනට්මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව තනි කැමැත්තටයජිනීවා යෝජනා නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කිසිදු රටක් බැඳීනැති නමුත් 30/1 යෝජනාවේ රණවිරුවා සහ ජාතික ආරක්‍ෂාව පාවා දෙන සියලූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සිදු වූයේඅප ඊට සම අනුග්‍රාහකත්වය දැක්වූ හේතුවෙනිදැන් මේ කඩිමුඩියේ දඟලන්නේ මාර්තු මාසය අවසන් වීමට පෙර එම 30/1 තිබෙන අවසාන නිර්දේශය වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමටය.

රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලැබු අනෙක් පාවා දීම නම් ඇමරිකා නෞකාසෙබළු සහ ඇමරිකානු කොන්ත‍්‍රාත්කරුවන්සම්බන්ධයෙන් ඇමරිකන් තානාපති කාර්යාලය සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමයිමෙයට ජනාධිපතිගේවත් කැබිනට්මණ්ඩලයේවත් අනුමැතිය ලැබී ඇති බවක් වාර්තා වී නැතඑය  ඔහු කර ඇත්තේ ඔහුගේ තනි කැමැත්තටයලෝකයේබලවත්ම රටක් සමග අප වාගේ පුංචි රටක් එවන් වූ ගිවිසුමකට එළඹෙන්නේ නම් එය රටේ ජනතාව දැනගත යුතු නැද්දරජයක් පිහිටුවා ගැනීමට ආසන 113 ක් වත් නැති රනිල් වික්‍රමසිංහට තනි කැමැත්තෙන් මෙසේ රටක අනාගතය පිළිබඳවතීරණය කිරීමට බලය දුන්නේ කව්ද?

රනිල් වික්‍රමසිංහ යනු ඇමරිකාව ඇතුළු බටහිරේත්දෙමළ ඩයස්පෝරාවේත් සුවච කීකරු සේවකයෙක් බව අප කවුරුත් දනිමුඑවන් කෙනෙක් පුද්ගලිකව ඕනෑම දෙයක් ලබා ගැනීමේ හෝ ලබා දීමේ කිසිදු ගැටලූවක් අපි නොදකිමුනමුත් ඔහු රටේ සම්පත්සහ රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නම් රටේ ජනතාව තෝරාගත් ජනාධිපතිතුමාගේ සහකැබිනට් මණ්ඩලයේ අවසර ගත යුතුයඑසේ නොමැතිව ගන්නා සියලූම තීරණ බලරහිත විය යුතු අතර එවන් තීරණ ගෙනරටට ද්‍රෝහීවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිප්‍රකාර ක්‍රියාමාර්ගයන් ගත යුතුය.

ඇමෙරිකාව දැනට පිටරටවල්වල සිය කඳවුරු 1000 කට වඩා ස්ථාපිත කොට ඇතදෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ස්ටේටස්ඔෆ් ෆෝසස් යන ගිවිසුමට අනුව ඔවුන් එදා සිට ජපානයේ ඔකිනෝවා නගරයේත්ජර්මනියේත් සිය කඳවුරු පිහිටුවා තිබේඔකිනාවාහි කුඩා ජපන් දැරියන් පවා ඇමරිකානු සොල්දාදුවන් අතින් දූෂණය වී ඇති අතරමිනීමැරුම් පවා සිදුවී ඇතනමුත්ඔවුන් ජපානයේ නීතියට යටත් නොවේඔවුන් යටත් වන්නේ ඇමරිකන් රජයේ නීතියටයඔවුන්ට නීති ප්‍රකාර ක්‍රියාමාර්ගගන්නේ නම් ගනු ලබන්නේ ඔවුන්ම මිස ජපන් රට නොවේමේ සම්බන්ධයෙන් ජපන් ජනතාව කුමන ආකාරයේ විරෝධයපෑවත් අද වනතුරු කිසිම පලක් වී නොමැත.

ආසියාවේ ඇති දියාගෝ ගාෂියා දූපතේ පිහිටි ඇමරිකානු කඳවුර සම්බන්ධ දීර්ඝ කාලීන බදු ගිවිසුම දැන් අවසන් වී ඇතඔවුන්දැන් බලන්නේ තමන්ට පය තැබීමට විකල්ප ස්ථානයන්යඅපේ රට වසර දහස් ගණනක් තිස්සේ ලෝකයාට වැදගත් වී ඇත්තේඅපේ රටේ පිහිටීම නිසායකලාපයේභූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසායඋපායමාර්ගිකවශයෙන් රට ඉතා වැදගත් නිසායඑවන් රටක හම්බන්තොට වරාය චීනයටත්මත්තල ඉන්දියාවටත්ත්‍රිකුණාමලයඇමරිකාවටත් දුන්නොත් රටේ කිසිදු වටිනාකමක් ඉතිරිවේදඑවිට අපි අපේ සම්පත් පිළිබඳව තීරණය ගත නොහැකි වක්‍රාකාරයෙන් යටත් විජිතයක් බවට පත් නොවන්නේදඑසේ අපව විදේශිකයින්ගේ කෙළි බඩුවක් බවට පත් කිරීමට 27 ත්වරක් පරාජය වූ දැනටත් සාමාන්‍ය බහුතර රජයක් හෝ පිහිටුවා ගැනීමටවත් ශක්තියක් නැති රනිල් වික්‍රමසිංහට ඇති අයිතියකුමක්දඑසේ කිසිදු අයිතියක් නොමැති කෙනෙකු මෙසේ හැසිරෙන විට ජනතාව නිහඬව බලා සිටිය යුතුද?

රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකන් තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමේ සඳහන් කරුණු සැකෙවින් මෙසේය

(.) මෙය ඇමරිකානු සන්නද්ධ හමුදා පුද්ගලයින්ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් පුද්ගලයින්ඇමරිකන් කොන්ත‍්‍රාත්කරුවන්ශ්‍රී ලාංකිකයින් නොවනමානූශීය ක්‍රියා සහ අනෙකුත් ක්‍රියා සම්බන්ධව වැඩ කිරීමටඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් අවසරගත් පුද්ගලයින්සම්බන්ධවයි.

(.) මේ සියලූ පුද්ගලයින්ට 1961 අප්‍රේල් 18 වන දින සම්මත වූ වියානා සම්මුතියේ අඩංගු තානාපතිවරුන්ට දෙනු ලබන සියලූවරප්‍රසාද සහ මුක්තිය දිය යුතුය.

(.) ඇමරිකන් සෙබළුන්ට අවශ්‍ය පරිදි නිල ඇඳුම් ඇඳඅවිගෙන රට තුළ කටයුතු කිරීමට අවසර දිය යුතුය.

(.) එම පුද්ගලයින්ට ඇමරිකන් අවසර පත‍්‍ර මඟින් ලංකාවට යෑමටඒමට හැකි විය යුතුයඔවුන්ගේ ඇමරිකානු රියදුරුබලපත‍්‍රලංකාවේ රියැදුරු පරීක්‍ෂණයකින් තොරවනීත්‍යානුකූල ලෙස පිළිගත යුතුය.

(.) මේ සියලූ පුද්ගලයින් ඇමරිකන් අපරාධ නීතියට පමණක් යටත්වේ.

(.) මේ පුද්ගලයින් ලංකාව තුළට රැගෙන එන සියලූම පුද්ගලික දේපලඋපකරණසැපයුම් භාණ්ඩතාක්‍ෂණික මෙවලම්පුහුණු භාණ්ඩ සහ අනෙකුත් දේපල කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරවබදු ගෙවීමකින් තොරවවෙනත් කිසිදු බාධාවකින්තොරවගෙන ඒමට අවසර දිය යුතුය.

(.) ලංකාව තුළට එන ඇමරිකන් නෞකාගුවන් යානා යනාදිය වරායටගුවන් තොටුපලට ඇතුල්වීමේදී අය කරනු ලබනකිසිදු ගාස්තුවක් අය නොකරන අතර නෞකාවක් වරාය තුළට ගෙන ඒමේදී සාමාන්‍යයෙන් අය කරන පයිලට් ගාස්තුවෙන් පවාඔවුන්ව නිදහස් කළ යුතුය.

(.) ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවඋපකරණභාණ්ඩ යනාදිය සැපයීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරාගන්නා අතර  අයට  කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩදිය යුතුයලංකාව තුළදි ගන්නා උපකරණ සහ සේවාසඳහා කිසිදු බදු මුදලක් අය නොකළ යුතුයඔවුන්ට  ඇමරිකන් පුරවැසියන්ට ලබා දෙන පහසුකම් දිය යුතු අතර ඔවුන්ගේරියදුරු බලපත‍්‍ර  පිළිගත යුතුය.

(.) ඇමරිකන් හමුදා පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය ගුවන් විදුලි තරංග පද්ධතියක් පාවිච්චි කිරීමට අවසර දිය යුතුයඑයඇමරිකානු රජයට නොමිලේ දෙන සේවාවක් විය යුතුය.

(.) මෙම ගිවිසුම ක්‍රියාත්මක වන විට එය 1995 මැයි 16 වන දින ලංකා රජය පුහුණුවීම්නිල රාජකාරි ලංකාවට පැමිණෙනඇමරිකානු සෙබළු සම්බන්ධයෙන් ඇති කළ ගිවිසුම අභිබවා යා යුතුය.

පසුගිය සතියේ ඇමරිකානු භාණ්ඩ රැසක්කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරවරේගු බදු ගෙවීමකින් තොරව රට තුළට ගෙන බැව් පුවත්පත් රැසක් පළකර තිබිණිඑයින් සනාථ වන්නේ රනිල් වික්‍රමසිංහ දැනටමත් මෙම ගිවිසුම බලාත්මක කර ඇතිබවයි.

මෙම ගිවිසුම පරිදි ඇමරිකානු කඳවුරු සැපයුම් මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත වී ඇමරිකානු සෙබළු අපේ රටේ නීතියට යටත්නොවී නිදහසේ සැරිසරන තත්ත්වයකට පත්වුවහොත් ඇති වන තත්ත්වය කුමක්දඔකිනාවා නගරය පත්ව ඇති තත්ත්වයටඅප පත් නොවන්නේදබලගතු රටක් එසේ රට තුළ ස්ථාපිත වූ පසු ඔවුන්ව පහසුවෙන් ඉවත් කළ හැකිද?

රණවිරුවාහමුදා බුද්ධි අංශය පාවා දුන්රටේ ජාතික ආරක්‍ෂාව ඇඩි අනතුරකට හෙළුරටේ වටිනාම සම්පත් විදේශියරටවල්වලට කුණු කොල්ලයට අලෙවි කළරනිල් වික්‍රමසිංහ දැන් ඇමරිකාවට අපේ රටේ අභිමානයසංස්කෘතිය සහස්වෛරීත්වය මේ අයුරින් පාවා දී තිබේඑක්සත් ජාතික පාක්‍ෂිකයිනිඔබ තවමත් රනිල් වික්‍රමසිංහ ඔබේ නායකයා ලෙසපිළිගන්නේද?

රියර් අද්මිරාල්ආචාර්ය සරත් වීරසේකර

9Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *