දැඩි සිත කාලගුණ තත්වය හේතුවෙන් ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසක වෙසෙන (මිලියන 200කට අධික) ජන ජිවිත අඩාලවෙයි.වීඩියෝ සහිතයි

අමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන් හි ජිවත්වන ජනතාවට හැකි තරම් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙස එරටකාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා ආක්ටික් කලාපය හරහා හමා  දරුණු සිතල සහිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්එකවරඇතිවූ දරුණු සිත කාලගුණය නිසා පුද්ගලයින් 07 දෙනෙක් මියගොස් ඇත.

ඇතිවී තිබෙන දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජිවිතයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කර සිටින්නේඅමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන් හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටීඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේඇතිවී තිබෙන සිතල හේතුවෙන් අමෙරිකාවේ මිලියන 250 ජනතාවටබලපෑම් එල්ල වී ඇත.

ඇතැම් ප්‍රාන්තයන් හි පාසල්පොද්ගලික ආයතනවෙළදසැල් පවා වසා දමා ඇති අතර දුම්රිය සේවාවන් පවත්වා ගෙන යාමසඳහා රේල් පිලි මත අයිස් මිදීම අවම කිරීම සඳහා ඉන්ධන යොදා ගනිමින් ගිනි දල්වා ඇති බවයි වාර්තා වන්නේඊටඅමතරව චිකාගෝ ප්‍රාන්තයේ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගුවන් ගමන් වාර 2000ක් පමණ අවලංගු කිරීමට එරට බලධාරීන්පියවර ගෙන තිබේ.

ඇතිවී තිබෙන අධික සිතල හේතුවෙන් චිකාගෝ ගංගාව ඇතුළු විශාල ගංගා රැසක් අයිස් තට්ටුවලින් මිදී ඇති බව එරට මාධ්‍යවාර්තා කර සිටියි

 

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *