බුද්ධ ධර්මය ගැන පැහැදුණු එංගලන්ත ජාතිකයෙකු ලංකාවේදී පැවදි දිවියට

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වූ එංගලන්ත ජාතික රොබට් ඇක්ටින් මහතා අද (14දා) පෙරවරු 9.32ට යෙදී තිබූ සුබ මොහොතින් එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවදි දිවියට ඇතුළත් විණ.පැවදි දිවියට ඇතුළත්වන විට එංගලන්තයේ ධම්මානන්ද හිමියන් 62 හැවිරිදි වියේ පසුවුනා.

මෙකි පැවදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවැත්විණි. තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති මානවිල රතනසිරි නාහිමියන් විසින් රොබට් මහතා පැවදි දිවියට ඇතුළත්කරගනු ලැබිය.

මෙම පැවදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවැත්වුණු අතර රෝබට් ඇක්ටින් මහතා ගිහිකල එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර තිබෙනවා. තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක තල්ගම්පල ශ්‍රි සුචරිතාරාමාධිපති මානවිල රතනසිරි නාහිමියන් විසින් රෝබට් මහතා පැවදි දිවියට ඇතුළත්කරගැනීමේ පුණ්‍යකර්මය සිදුකර තිබෙනවා.

බුදු දහම පිළිබද පැහැදි නිවන් ශාන්තිය උදාකර ගැනිම සදහා තමන් පැවදි දිවියට ඇතුළත් බව රෝබට් මහතා සඳහන් කර ඇති අතර ඔහු පැවදි දිවියට ඇතුළත්කිරිම සදහා අවශ්‍ය මගපෙන්විම සිදුකොට ඇත්තේ දැනට එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ විහාරස්ථානයක වැඩ වාසය කරණ ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමියන්ය. උන්වහන්සේ මෙම මහණ පිංකම පිළිබද අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා.

මා දැනට වසර 10ක් එංගලන්තයේ මැන්චෙස්ටර් විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. මේ මහත්තයා ඒ විහාරස්ථානයට ආවා. මා ඉතා සමිපව ඇසුරු කළා. භාවනා වැඩ සටහන්වලට සහභාගිවුණා.බණභාවනා කළා. මහණවිමේ අදහස මා සමග කිවා. ඒ අනුව තමයි ලංකාවට ඇවිත්පැවදිවිමට තිරණය කළේ. බුද්ධ දර්ශනය පිළිබද පැහැදිලා හොද අවබෝධයෙන් තමයි රෝබට් මහත්තයා පැවදි දිවියට ඇතුළත් වුණේ. ඔහුට ධර්මය ගැන අවබෝධයක් තියෙනවා.නිවන් ශාන්තිය පිණිස පැවිදි දිවියට ඇතුළත් විමෙන් ඒසදහා වඩාත් කැප කිරිමක් කරන්න පුළුවන් කියලා තමයි රෝබට් මහත්තයා හිතුවේ. ඒ නිසා ගිහි ජිවිතයෙන් ඇත්වෙලා බැදිම්වලින් නිදහස් වෙලා ඉක්මනින් පැවදි දිවියට පත්වුණා.

පැවදි දිවියට පත් එංගලන්තයේ ධම්මානන්ද හිමියන්ගේ බලා පොරොත්තුව තමයි බණ භාවනා කරමින් හොදින් බුදු දහම ප්‍රගුණ කිරිමයි. මෙරට ගතකරන මාසයක කාලය තුළ ආරණ්‍ය සේනාසනවලට ගොස් බණ භාවනා කිරිම මෙන්ම බුදු දහම ඉගෙන ගැනිමටත් කටයුතු කරනවා.ඊට පස්සේ එංගලන්තයට ගොස් ධර්ම දුතසේවාවේ නිරතවිම තමයි උන්වහන්සේගේ අරමුණ.

ඇත්තටම එංගලන්තයේ දි අපි කාලයක් තිස්සේ භාවනා වැඩ සටහන් කළා. මොහුට ගිහි කළ දරුවන් දෙදෙනෙකු ඉන්නවා. මව තවම ජිවතුන් අතර ඉන්නවා නෝනාගේ මවගේ දරුවන්ගේ අවසරය මත ආශිර්වාදය මත තමයි පැවදි දිවියට ඇතුළත් වුණේ. පැවදි ජිවිතය සාර්ථක කරගන්න විමසිල්ලෙන් අවබෝධයෙන් උන්වහන්සේ කටයුතු කරාවි. මාත් පියතිස්ස නායක හාමුදුරුවෝත් ධම්මා නන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ලෙස කටයුතු කරනවා.

8Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *