චන්ද්‍රිකා සමග එක්වී එජාපයට කත් අදින ශ්‍රීලනිප සංවිධායකයන් නෙරපනවා – එස්. බී. කියයි.වීඩියෝ සහිතයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයට කත් ඇදීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සංවිධායක දුර ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකපාර්ලිමේන්තු මන්ත්‍රී එස්බීදිසානායක මහතා ඊයේ (03 දාපැවසීය.

මෙම සංවිධායකවරුන් සමඟ මන්ත්‍රීවරුන් පිරිසක්  ඇමැති ධුරවලට කෑදර කමින් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේවනවිටත් හොර ගල් අහුලමින් සිටින බව   මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූදා සිටම ඔවුන් කටයුතු කළ ආකාරය පිළිබඳව පක්ෂය පැහැදිලි වැටහීමකින් සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගයට එරෙහි වූයේ එම මන්ත්‍රී පිරිස බවත් දිසානායක මහතාපුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට කත් ඇදීමට සූදානම් වී සිටින එම සංවිධායකවරුන් පසුගිය කාලයේ මුදලට සංවිධායක දුරලබාගත් අය බව  ඔවුන් සිය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අය බවද දිසානායක මහතාකීය.

එක්සත් ජාතික පක්ෂයට කවුරුන් සහයෝගය දුන්නත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සියලු වාමාංශික දේශප්‍රේමී බලවේග ඒකරාශී කරගෙන එක්සත් ජාතික පක්ෂයටඑරෙහිව පුළුල් සන්ධානයක් මේ වනවිට ගොඩනඟමින් තිබෙන බව  මන්ත්‍රීවරයා පැවසුවේයඡන්ද පදනමක් නොමැති එවැනි සංවිධායක දුර දරන සංවිධායකවරුන් පක්ෂයට අවශ්‍ය නොවන බවත් එම නිසා ඔවුන්ගේ ක්‍රිය වලින් පක්ෂයට කිසිදු බලපෑමක් නොවන බවත් එස්.බී දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

3Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *