තෙල් සංස්ථා සේවකයින්ට ඇමති අර්ජුන පහර දුන් බවට CCTV දර්ශනවලින් අනාවරණය වන්නේ නැහැ – පොලීසිය.වීඩියෝ සහිතයි

ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවකොළඹ අපරාධ කොට්ඨාසය අද(04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එහි සැකකරුවකුලෙස නම්කර සිටින අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පහර දුන් බවටපැමිණිලිකරු ප්‍රකාශ කළත්  බව ආරක්ෂක කැමරා දර්ශනවල කිසිවක් සටහන් වී නොමැති බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

සාක්ෂි නොමැති නම් මෙම සැකකරු අත් අඩංගුවට ගත්තේ ඇයි දැයි පොලීසියෙන් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත් වරිය අර්ජුනරණතුංග මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ  යන්න පිළිබඳව මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙස පොලීසියටනියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන 01 වනදා කැඳවීමට නියම කර තිබේ

4Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *