නාලක ද සිල්වා අත්අඩංගුවට ගත්තේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්දව පැහැදිලි සාක්ෂි මතයි CIDය අධිකරණයට දන්වයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක  සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධබවට පැහැදිලිව සාක්ෂි මගින් අනාවරණය වීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේ .

සහකාර පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම ඝාතන සැලසුම් කළ යුතු ආකාරයඅඩංගු තොරතුරුමුද්‍රා තැබූ ලියුම් කවරයක බහා තමා විසින් නාමල් කුමාර වෙත එවන බවට නාලක  සිල්වා මහතා කළදැනුම්දීමක්  දුරකථන සංවාද හඬපට මගින් අනාවරණය වීමෙන් පසුව  සම්බන්ධයෙන් ප්‍රශ්න කර නාලක  සිල්වා මහතාඅත්අඩංගුවට ගත් බවයි.

එම දුරකථන සංවාද නාමල් කුමාර නමැත්තාගේ දුරකථනයේ පටිගත කර පසුව මකා දමා තිබීම නිසා එම ජංගම දුරකථනයහොංකොං රාජ්‍යයට ගෙන ගොස් ප්‍රතිඋත්පාදනය කිරීමට තම දෙපාර්තමේන්තුව පියවර ගත් බවත් එලෙස ප්‍රතිඋත්පාදනයකළ දුරකථන සංවාද 427 ක් වීඩියෝ දර්ශන 26 ක් සහ ඡායාරූප 4321 ක් ක්‍රියාත්මකව තිබෙන බව  සහකාර පොලිස්අධිකාරීවරයා එහිදී පෙන්වා දුන්නේ .

ඔහු පෙන්වා දුන්නේ අක්‍රිය තත්ත්වයේ පවතින දුරකථන සංවාද 31 ක්ඡයාරූප 802 ක් සහ වීඩියෝ දර්ශන 656 ක්  එමදුරකථනයේ ඇති බවට විශේෂඥ විශ්ලේෂණ වාර්තා අනුව පැහැදිලි වන බවයි.

එම දුරකථන සංවාද 427 න් උපුටා ගත් විනාඩි 60  සැක සහිත සංවාද තුනක් අඩංගු CD පට තුනක් එහිදී අධිකරණයටඉදිරිපත් කළ සහකාර පොලිස් අධිකාරීවරයා ඒවායේ අඩංගු වී ඇත්තේ නාමල් කුමරගේ සහ නාලක සිල්වා යනමහත්වරුන්ගේ කටහඬ  යන්න නිශ්චිත කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවනලෙස ඉල්ලා සිටියේ .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල්කුමාර නමැත්තා 2009 වසරේදී ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලැබූ අයෙකු බවත් එලෙස පුහුණුව ලබමින් සිටියදී මාස තුනකටපමණ පසුව සේවය අතහැර පලාගොස් ඇති ඔහු 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබා සේවයෙන්පලාගොස් ඇති බවයි.

ඔහු ගුවන් සහ යුද හමුදා සේවයට එක් වීමේදී 2001 වසරේදී අධිසම්මාන දෙකක් හා සම්මාන තුනක් සහිතව සාමාන්‍ය පෙළවිභාගයෙන් විෂයන් 10 සමත් වූ බවට අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති බව එහිදී පෙන්වා දුන් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව ඔහු සමත් වී ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් තුනක් පමණක් බව පසුව සිදුකළ පරීක්ෂණවලදීඅනාවරණය වූ බව පෙන්වා දුන්නේ .

ව්‍යජ ලේඛන ඉදිරිපත් කර සේවයට බැඳීම සහ හමුදා සේවයෙන් පලායාම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන සිදුකරනබව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ .

මේ අතර නාලක  සිල්වා මහතා සහ ඉන්දිය ජාතික මර්ශලි තෝමස් නමැත්තා ලබන 16 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

3Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *